2026 මැයි මස 20 වන දින පස්වරුවේ, චීන මහජන ජනරජයේ ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතා සහ රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් (Putin) මහතා බෙයිජිං ජාතික මහජන ශාලාවේදී චීන-රුසියානු අධ්‍යාපන වර්ෂයේ ආරම්භක උත්සවයට එක්ව නිල කථා සිදුකරන ලදි.
ජනාධිපති ෂී ජින්පිං(Xi Jinping) මහතා ප්‍රකාශ කළේ, වත්මන් වසර චීන-රුසියානු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වය ස්ථාපිත කිරීමේ තිස් වන සංවත්සරය මෙන්ම, චීන-රුසියානු මිත්‍රත්ව හා සහයෝගීතා ගිවිසුම අත්සන් කිරීමේ විසිපස් වන සංවත්සරය ද වන බවයි. මෙවැනි විශේෂ ඓතිහාසික වැදගත්කමක් සහිත වසරක චීන-රුසියානු අධ්‍යාපන වර්ෂය ආරම්භ කිරීම, දෙරටේ දිගුකාලීන සබඳතා සංවර්ධනය ඉලක්ක කරගත් ද්විපාර්ශ්වික උපායමාර්ගික විධිවිධානයකි. අධ්‍යාපනය රටක හා පක්ෂයේ ප්‍රධානතම සංවර්ධන වැඩසටහන වන අතර, ජනතා හදවත් සම්බන්ධ කරමින් දෙරටේ පාරම්පරික මිත්‍රත්වය ප්‍රවර්ධනය කරන අත්‍යවශ්‍ය සාධකයක් බව ජනාධිපතිතුමා තවදුරටත් අවධාරණය කරනලදි. දීර්ඝ කාලයක් පුරා අඛණ්ඩව ගැඹුරු වූ චීන-රුසියානු අධ්‍යාපනික සහයෝගීතාව සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගෙන ඇති අතර, නව යුගයේ චීන-රුසියානු උපායමාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වය ශක්තිමත්කර තිබේ.
රුසියානු ජනාධිපති පුටින් (Putin) මහතා සඳහන් කළේ, අධ්‍යාපනික සහයෝගීතාව රුසියානු-චීන උපායමාර්ගික හවුල්කාරීත්වයේ ඵලදායී අංගයක් වන අතර, අධ්‍යාපන වර්ෂයේ ආරම්භය ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවය. ආර්ථික හා සමාජ සංවර්ධනයේ මූලික පදනම ලෙස දෙරටම අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉහළ ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළේය.
බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ රුසියානු භාෂා විද්‍යාලයේ ගුරු සිසු පිරිස විසින් නිර්මාණය කරන ලද චීන-රුසියානු ද්විභාෂා පද්‍ය ගායනයේ වැඩසටහනක් වන “අපි එකම අහස යට”, අධ්‍යාපන වර්ෂයේ ආරම්භක සංස්කෘතික ප්‍රදර්ශනයේදී විශිෂ්ට ලෙස ඉදිරිපත් කළ අංගය වූ අතර, එය දේශීය හා විදේශීය සියලු අමුත්තන්ගේ ඉහළ ප්‍රසාදය හා ප්‍රශංසාව දිනා ගත්තේය. විද්‍යාලය විසින් තෝරාගත් ගුරු සිසු නියෝජිතයන් දස දෙනෙකු උත්සවයට සජීවීව සහභාගී වූ අතර, දෙරටේ නායකයින්ගේ කථාවල වැදගත් අදහස් අධ්‍යයනය කිරීමෙන් ඔවුන් දැඩි ප්‍රබෝධයට හා උද්යෝගයට පත් විය. ඔවුහු තම අවබෝධය, අත්දැකීම් හා හැඟීම් පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කළහ.
