මැයි මස 11 වන දින, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලය විසින් “මෙතෙර දර්ශන” (Zhebian Fengjing) හා “ඉරාන හැඟීම්” (My Impressions of Iran): චීන හා ඉරාන විද්වතුන්ගේ ඇසින් එකිනෙකාගේ ලෝකය යන මැයෙන් ශාසුත්‍රීය සංවාද උත්සවයක් පැවැත්වීය. “ජනතා කලාකරු” ජාතික ගෞරව නාමයෙන් පිදුම් ලැබූ, “මෙතෙර දර්ශන” (Zhebian Fengjing) හා “ඉරාන හැඟීම්” (My Impressions of Iran) කෘතිවල කතුවරයා, චීන සමකාලීන ප්‍රකට ලේඛක, හිටපු සංස්කෘතික අමාත්‍ය, මධ්‍යම සාහිත්‍ය හා ඉතිහාස පර්යේෂණාගාරයේ ජ්‍යෙෂ්ඨ සාමාජික වං මං මහතා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සභාපති සහ පක්ෂ කමිටු නියෝජ්‍ය ලේකම් ජියා වෙන්ජියන් මහතා, “මෙතෙර දර්ශන” හා “ඉරාන හැඟීම්” කෘතිවල පර්සියානු පරිවර්තිකා, බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යෘලයේ විදේශ විශේෂඥවරිය, කැනඩාවේ ටොරොන්ටෝ මෙට්රොපොලිටන් විශ්වවිද්යාලයේ ඉරාන චීන අධ්‍යයන විශේෂඥවරිය මෙන්නා (එල්හාම් මිර්සානියා) මහත්මිය සහ බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්යාලයේ ඉරාන ජාතික ගුරුවරිය සොං හුවා (නර්ගිස් තබාරි) මහත්මිය යන අමුත්තන් මෙම අවස්ථාවට සහභාගී විය.
ජියා වෙන්ජියන් මහතා සිය දේශනයේදී ප්‍රකාශ කළේ, චීනය හා ඉරානය අතර මිත්‍රත්වය ගැඹුරු බවත්, “ එක් තීරයක්, එක් මාවතක්” සහයෝගීතාව අඛණ්ඩව ගැඹුරු වීමත් සමඟ දේශපාලන, ආර්ථික, සංස්කෘතික ආදී ක්ෂේත්‍රවල දෙපාර්ශ්වය අතර හුවමාරු දිනෙන් දින වැදගත් වන බවයි. ඔහු වං මං මහතා චීන-ඉරාන සාහිත්‍ය හුවමාරු ක්ෂේත්‍රයේ දැක්වූ විශිෂ්ට දායකත්වයට ඉමහත් ගෞරවය පුද කළ අතර, පරිවර්තකයන් දෙදෙනා චීන-පර්සියානු සෘජු පරිවර්තන ක්ෂේත්‍රයේ සිදු කළ පුරෝගාමී දායකත්වය ද ඉහළින් පිළිගත්තේය.
ආසියා අධ්‍යයන පීඨයේ අධ්‍යක්ෂිකා සු යිංයිං මහත්මිය සිය දේශනයේදී ප්‍රකාශ කළේ, ආසියා පීඨයේ පර්සියානු භාෂා අංශය වැඩසටහන ගැඹුරින් සංවර්ධනය කරන බවත්, මෙම උත්සවය අවස්ථාවක් කරගනිමින් ශාස්ත්‍රීය වේදිකාවක් ගොඩනඟා, විශේෂඥ පුහුණුවට සහ චීන-ඉරාන ශිෂ්ටාචාර අන්‍යෝන්‍ය අවබෝධයට දායක වන බවයි. බෙදාගැනීමේ සැසියේදී, වං මං මහතා තම ඉරාන සංචාරයේ සංස්කෘතික අත්දැකීම් පිළිබඳව නිදහසේ කතා කළ අතර, ඉරානයේ සංස්කෘතික කලාව සහ අද්විතීය ශිල්පීය ආත්මය බෙදාගත්තේය. ඒ අතරම, ඔහු “ මෙතෙර දර්ශන” (Zhebian Fengjing) කෘතියේ දශක ගණනාවක නිර්මාණ ගමන සිහිපත් කළ අතර, ෂින්ජියැං හි මුල් බැසගත්, බහු වාර්ගික සංස්කෘතියෙන් ඔපවත් වූ තම ආරම්භක අභිප්‍රායය විස්තර කළේය. තවද, එම අවස්ථාවේදීම රුබයියාත් කාව්‍යයන් සහ කෘතියේ ඡේද ද පාරායනය කළේය.
පරිවර්තකවරියන් දෙදෙනා වන මෙන්නා සහ සොං හුවා පිළිවෙලින් තම පරිවර්තන අත්දැකීම් බෙදාගත්හ. මෙන්නා වං මං මහතාගේ කෘති සමඟ සම්බන්ධතාව ඇතිවූ ආකාරය සිහිපත් කළාය, පරිවර්තන ක්‍රියාවලිය තුළදී ෂින්ජියැං ප්‍රාදේශීය සංස්කෘතිය පිළිබඳ තම අවබෝධය විස්තර කළාය, තවද, පරිවර්තනය තුළින් ඉරාන පාඨකයන්ට සැබෑ චීන ෂින්ජියැං ප්‍රදේශය අවබෝධ කරගත හැකි වේ යැයි තමන් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළාය. සොං හුවා ප්‍රකාශ කළේ, පරිවර්තනය යනු ස්වයං ඉගෙනුම් ක්‍රියාවලියක් බවත්, කෘතිය සාමාන්‍ය චරිත තුළින් යුගය පිළිබිඹු කරන බවත්, තමන්ට පුද්ගලයා සහ සමාජය අතර සම්බන්ධතාව අවබෝධ කර දුන් බවත්, මෙය පරිවර්තකවරියක ලෙස තමන්ගේ අගනා අත්කර ගැනීමක් බව ද ප්‍රකාශ කළාය. අනතුරුව, මෙන්නා එම අවස්ථාවේදීම පර්සියානු භාෂාවෙන් “ මෙතෙර දර්ශන” (Zhebian Fengjing) කෘතියේ ඡේදයක් පාරායනය කළාය.
අන්තර්ක්‍රියා සැසියේදී, ගුරුවරුන්, සිසුන් සහ ආගන්තුකයන් චරිත නිර්මාණය, නිර්මාණ මානසිකත්වය ආදී මාතෘකා පිළිබඳව ගැඹුරින් අදහස් හුවමාරු කරගත් අතර, එම අවස්ථාවේ ශාස්ත්‍රීය වාතාවරණය ඉතා ගැඹුරු විය. වං මං මහතා අවසානයේදී “ මෙතෙර දර්ශන” (Zhebian Fengjing) කෘතියේ ඉලී ප්‍රදේශයේ ජීවන රටාව, චාරිත්‍ර සහ මාතෘභූමි හැඟීම සම්බන්ධ ඡේදයක් පාරායනය කළේය. මෙම ක්‍රියාකාරිත්වය උණුසුම් වාතාවරණයක් මධ්‍යයේ නිමාවට පත් විය.
මෙම ක්‍රියාකාරිත්වය බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ කලාපීය හා රාජ්‍ය අධ්‍යයන අන්තර් විනය නවෝත්පාදන හා දක්ෂතා ආකර්ෂණ මධ්‍යස්ථානයේ අනුපිළිවෙලින් පැවැත්වෙන ක්‍රියාකාරකම් මාලාවේ එකකි. වං මං මහතා අප රටේ සමකාලීන සාහිත්‍ය ක්ෂේත්‍රයේ ගෞරවණීය හා ප්‍රකට සාහිත්‍යවේදියෙකු ලෙස, වසර ගණනාවක් පුරා සාහිත්‍ය නිර්මාණ, සංස්කෘතික න්‍යාය පර්යේෂණ සහ චින්තන හා සංස්කෘතික ප්‍රචාරණයෙහි එකාග්‍රව නිරත වී ඇත. ඔහුගේ සම්භාව්‍ය විශිෂ්ට කෘති පරිවර්තකවරියන් දෙදෙනාගේ විශිෂ්ට පරිවර්තනයන් තුළින් ඉරානය වෙත ළඟා වූ අතර, එය චීන-ඉරාන ශිෂ්ටාචාර හුවමාරුව සඳහා අන්‍යෝන්‍ය ඉගෙනුමේ අඩිතාලම ශක්තිමත් කළේය. මෙම සංවාදය චීන හා ඉරාන ගුරු සිසුන් අතර චින්තන අනුනාදය තවදුරටත් වැඩි දියුණු කළ අතර, චීන-විදේශ මානව හා සංස්කෘතික හුවමාරු ගැඹුරු කිරීම සඳහා ශාස්ත්‍රීය වේදිකාවක් ගොඩනැගීය.
බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හුවමාරු හා සහයෝගීතා දෙපාර්තමේන්තුව, ආසියා අධ්‍යයන පීඨය, ජාත්‍යන්තර චීන සංස්කෘතික අධ්‍යයන පීඨය, පුස්තකාලය යන අංශවල අදාළ වගකිවයුතු නිලධාරීන්, ආසියා අධ්‍යයන පීඨයේ සහ ජාත්‍යන්තර චීන සංස්කෘතික අධ්‍යයයන පීඨයේ ගුරු සිසු නියෝජිතයන් ඇතුළු පිරිසක් උත්සවයට සහභාගී විය.
